Connect with us

International

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩුවක්.

Published

on

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඔහුගේ දරුවන් තිදෙනෙකුට සහ ට්‍රම්ප් පදනමට එරෙහිව නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම නඩුකරය හරහා නිව්යෝර්ක් නීතිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලට චෝදනා ගොනු කරන්නේ ඔහු ව්‍යාපාර දියුණු කිරීම සඳහා අරමුදල් වංචාසහගත ලෙස භාවිත කළ බවට පවසමින්. හිටපු ජනාධිපතිවරයා ධනවත් වීම සඳහා ගත් එම ක්‍රියාමාර්ග සඳහා වසර දහයකට අධික කාලයක් තිස්සේ මෙලෙස වංචා සහගත ලෙස අරමුදල් භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.