Connect with us

Sports

”දුෂ්මන්ත චමීර ලෝක කුසලානයට අනිවාර්යෙන් එක් වෙනවා” – නායක දසුන් ශානක සනාථ කරයි!

Published

on

නිමා වූ ඔස්ට්‍රේලියානු තරගාවලියෙන් පසුව ජාතික කණ්ඩායමෙන් දුෂ්මන්ත චමීර හට ඉවත්වීමට සිදුවූයේ වළලුකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. අවසන් වසර 2ක පමණ කාලය තුළදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වූයේ චමීරයි. මෙවර ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූයේ චමීර නොමැතිවයි. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා චමීරගේ සහභාගීත්වය ශ්‍රී ලංකා නායක දසුන් ශානක සනාථ කර සිටියේය. චමීරගේ ආගමනයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බලඇණිය වඩාත් ආක්‍රමණශීලී වනු ඇත. වේගපන්දු යවන්නන් හට උචිත තණතීරුවලින් පිරී ගිය ඔස්ට්‍රේලියාවේදී යොවුන් ක්‍රීඩකයින් සමගින් චමීරගේ එක්වීම විශාල අස්වැසිල්ලක් වන බව නොඅනුමානයි. චමීර මීට පෙර ඔස්ට්‍රේලියාවේදී එක් විස්සයි විස්ස තරගාවලියක් සඳහා එක්ව තිබෙන අතර ඔහු එහිදී තරග 5කදී බිඳහෙළා ඇති කඩුළු සංඛ්‍යාව 7ක්.