Connect with us

Sports

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය ද සමග බස් රථයෙන් වීදි සංචාරය කරයි – මග දෙපස ක්‍රිකට් රසිකයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්.!

Published

on

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පෙරළියක් සිදු කළ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන වරටත් ආසියානු කුසලාන ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබුවේ අවසන් මහා තරගයේදි ප්‍රබල පාකිස්තානය පරාජය කරමිනි. ඒ අනුව ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානයද සහිතව අද උදෑසන 5.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට ක්‍රිකට් ආයතනය විශේෂ පිළිගැනීමේ උත්සවයක් සුදානම් කර තිබුණා. එයින් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායම ජයග්‍රාහී පෙළපාලියකට සහභාගීවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් ‘ඩබල්ඩෙකර්’ බස් රථය කොළඹ-කටුනායක සාමාන්‍ය මාර්ගය ඔස්සේ පැමිණීමේදී ක්‍රිකට් රසිකයන්ගෙන් ආසියානු ශුරයන්ට හිමි වුයේ උණුසුම් පිළිගැනීමක්. 2014 විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 8කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය ද සහිතව බස් රථයෙන් පැමිණි ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්