Connect with us

Local News

දමිතාට ඇප.

Published

on

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙලෙස එම නියෝග ලබා දුන්නේය .

.