Connect with us

International

කෝලිගෙන් ශතකයක් – ඇෆ්ගනිස්ථානයට ලකුණු 213ක ඉලක්කයක්.

Published

on

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට ලකුණු 213ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. ඩුබායිහිදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 212ක් රැස්කළා. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් රැස් ළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. මෙම තරගයේදී තම පළමු T20 ශතකය රැස්කර ගැනීමට විරාත් කෝලි සමත් වුණා. ඒ පන්දු 61කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් සමග ලකුණු 122ක් රැස් කරගනිමින්. එමෙන්ම කේ. එල් රාහුල් තම 17 වන අර්ධ ශතකය ලබාගත් අතර ඒ පන්දු 36කින්. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භක කඩුල්ලට ගොඩ නැගුණු හොඳම සබඳතාව ද සටහන් කරමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළට ගෙන ඒමට විරාත් කෝලි සහ කේ. එල් රාහුල් සමත්වුණා. ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 119ක්ව තිබියදී දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. පළමු කඩුල්ල ලෙස ලකුණු 62ක් ලබා සිටි නායක කේ. එල් රාහුල් දැවී ගියේ උඩ පන්දුවක් ලබා දෙමින්.