Connect with us

International

රනිල් ජයවර්ධනට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමති ධුරයක්.

Published

on

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කර තිබෙනවා.
ඔහු පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති භාරව කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ. නව අගමැතිනි එලිසබෙත් ලීස් ට්‍රස් කැබිනට් මණ්ඩලයේ බ්‍රිතාන්‍යයේ නව පරිසර අමාත්‍යවරයා ලෙස රනිල් ජයවර්ධන පත් කළ බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා. මීට පෙර ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ අමාත්‍යවරයකු වූ ජයවර්ධන, නව අගමැති ට්‍රස්ගේ මුල් ආධාරකරුවෙකුද වූ බව සඳහන්. ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2015 වසරේදීයි.