Connect with us

Local News

ශ්‍රී ලංකාවට ලකුණු 174ක ඉලක්කයක්.

Published

on

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා. ඉන්දීය නායක රෝහිත් ෂර්මා පන්දු 41කින් ලකුණු 72යි. සූර්යකුමාර් යාදෙව් ලකුණු 34ක් රැස් කළ අතර අන් කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කර යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. විශිෂ්ට පන්දු යැවීමක් සිදු කළ ඩිල්ශාන් මධුශංක ලකුණු 24ට කඩුළු 3ක් බිඳ හෙලූ අතර චාමික කරුණාරත්න සහ දසුන් ශානක කඩුළු දෙක බැගින් දවාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 174ක්.