Connect with us

Local News

විපක්ෂය 100 සීමාව පසු කරයි.

Published

on

රට පුරා ශක්තිමත් දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. ඔහු සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවා. මේ අතර, මන්ත්‍රීවරුන් 109 දෙනෙකු විපක්ෂයේ අසුන්ගෙන ඇති බවත්, 115 දෙනෙකු ආණ්ඩු පක්ෂයේ මේ වනවිට අසුන්ගෙන ඇති බවත් පාර්ලිමේන්තු පුස්තකාල වාර්තා පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ විපක්ෂයට මේ වන විට මන්ත්‍රීවරුන් 103 දෙනෙකු සිටින බවයි. එම පිරිස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුද ඇතුළත් බව ඔහු සඳහන් කළා.