Local News
ඊයේ අත්අඩංගුවට ගත් 28 දෙනාට ඇප.
ඊයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන අතරතුරදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකුව ඇප මත නිදහස් කර තිබේ. අද දින ඔවුන්ව මාලිගා කන්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි. විරෝධතා පා ගමනේ යෙදුණු විශ්වවිද්‍යාල සිසුන්ට මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ දී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර එම විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කටයුත් කෙරිණි. අනතුරුව එම පුද්ගලයින්ව අත්අඩංගුවට ගනු ලැබිණි.