Connect with us

Sports

ශ්‍රී ලංකා බලාපොරොත්තු සඵල කරමින් බංගලාදේශයට දරුණු පරාජයක් – ඇෆ්ගනිස්තානය කඩුළු 7ක සුපිරි ජයක් වාර්තා කරයි!

Published

on

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් ඊයේ බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවත්වුණා. යම් හෙයකින් මෙම තරගය බංගලදේශය ජයග්‍රහණය කළා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමේ බලාපොරොත්තු බිඳ වැටීමට එයම ප්‍රමාණවත් වූවා. කෙසේ නමුත් එම තරගයෙන් කඩුළු 7 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමින් ඇෆ්ගනිස්තානය ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා. අද තරගයේ කාසියේ වාසිය දිනු බංගලාදේශ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර සිටියා. එ අනුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 127ක් රැස්කිරීමට සමත් වුණා. බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mosaddek Hossain ලකුණු 48ක් වාර්තා කිරීමට සමත් වුණා. Mahmudullah ලකුණු 25ක් රැස් කළ අතර Mehedy Hasan ලකුණු 14ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Rashid Khan කඩුළු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 128ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් පන්දුවාර 18.3ක් අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 131ක් වාර්තා කර තරගය ජයග්‍රහණය කළා. ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Najibullah Zadran පන්දු 17ක් තුළ වේගවත් ලකුණු 43ක් රැස් කළ අතර Ibrahim Zadran ලකුණු 42ක් රැස් කළා. පන්දු යැවීමේදී නායක Shakib Al Hasan, Mosaddek Hossain සහ Mohammad Saifuddin එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඇෆ්ගනිස්තානය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග B කාණ්ඩයේ පෙරමුණ ගනිමින් දෙවන වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංකාව සහ බංගලදේශය යන කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් සුපිරි හතරදෙනාගේ වටයට යන ඊළඟ කණ්ඩායම තීරණය වනු ඇත.