Connect with us

International

ආසියානු කුසලානය ඇරඹීමට දින දෙකක් තිබියදී දේශීය විකාශය වසන්තම් TV වෙත – PEO TV පාරිභෝගිකයන්ට සුභ පණිවිඩයක්.

Published

on

ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය. එමෙන්ම මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනිය විසින් හිමිකරගෙන තිබුණා. කෙසේ වෙතත් අද දිනයේදී ස්වාධීන රූපවාහිනී සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සියලු තරග සජීවීව සිය වසන්තම් ටීවී නාලිකාව ඔස්සේ විකාශය වන බවයි. වසන්තම් TV නාලිකාවේ විකාශන ආවරණය ශ්‍රී ලංකාව පුරා විහිදී ගොස් නොමැති වීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ප්‍රේක්ශකයන් ඒ සම්බන්ධයෙන් දක්වන්නේ එතරම් සුබවාදී අදහස් නොවේ. කෙසේ නමුත් කඩිනමින් මේ වන විට වසන්තම් TV නාලිකාවේ ආවරණ කලාපයන් පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින බව ස්වාධීන රූපවාහිනී සේවය තහවුරු කර සිටිනවා. කෙසේ නමුත් SLT Peo Tv පාරිභෝගිකයන්ට Channel අංක 5 හෙවත් චරණ TV ඔස්සේ මෙවර ආසියානු කුසලාන සියලු තරග සුපිරිසිදු HD තාක්ෂණය ඔස්සේ නොමිලේම නැරඹීමට අවස්ථාව උදා කර දී තිබෙනවා.