Connect with us

International

Sikandar Razaගේ සුපිරි උත්සාහය අපතේ යවමින් ඉන්දියාව සිම්බාබ්වේට එරෙහිව ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කරයි !

Published

on

ඉන්දියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන සහ අවසන් තරගයෙන් ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රාහීව අවසන් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 289ක් රැස් කිරීමට සමත්වුණා. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shubman Gill පන්දු 97කදී ලකුණු 130ක් වාර්තා කිරීමට සමත්වුනා. Ishan Kishan ලකුණු 50ක් රැස් කළ අතර Shikhar Dhawan ලකුණු 40ක් රැස්කිරීමට සමත්වුණා. පන්දු යැවීමේදී Brad Evens කඩුලු 5ක් බිඳ හෙලීමට සමත්වූනා.

ඒ අනුව ලකුණු 290ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන්ට පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 276ක් පමණයි. සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Sikandar Raza පන්දු 95ක් තුළ වේගවත් ලකුණු 115ක් රැස් කල අතර Sean Williams ලකුණු 45ක් රැස් කළා. පන්දු යැවීමේදී Avesh Khan කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුනා.