Connect with us

Local News

ජනපති රනිල් වික්‍රමසිංහට රට ගොඩගත හැකි බව මිහින්තලා රජමහා විහාරාධිපති හිමි කියයි.

Published

on

තුන්කල් දක්නා නුවණින් වැඩකරන නායකයෙකු ලෙස මේ රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ පවසනවා. “දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය” යන වදන සනාථ කරමින් වික්‍රමසිංහ මහතා අද මේ රටේ භාරකාරත්වයට පත්ව, වෙස්වළාගත් ආශිර්වාදයක් සේරට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බවයි උන්වහන්සේ සඳහන් කළේ. අද (21) පෙරවරුවේ මිහින්තලා පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසූ අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර .“මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වුණා. මෙහිදී අනුශාසනා කළ නායක හිමිපාණන් වහන්සේ තවදුරටත් පෙන්වා දුන්නේ සිය නිවස පවා කොළඹ රාජකීය විද්‍යාලයට පවරා දෙමින් මෙරට හෝ පිටරටක එකඳු බිම් අගලකට අයිතියක් නොකියන පරාර්ථකාමී චරිතයක් වන රනිල් වික්‍රමසිංහ මහතාට රට වෙනුවෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවය සැබවින්ම ඇති බවයි. දේශපාලනය නොදත් ඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් මාධ්‍යය ද නොයෙකුත් නින්දා, අපහාස එල්ල කළත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටී වික්‍රමසිංහ මහතා මාතෘභූමිය කිසිදා නොවූ විරු අසීරුතාවකට පත් වූ අවස්ථාවේ රටටත්, ජනතාවටත් පිහිට වු බව නායක හිමියන් සිහිපත් කරනවා. අපට රටක් තිබුණ ද එම රටේ නීතියක් නොතිබූ බව සඳහන් කළ උන්වහන්සේ නීතිය නැවත රට තුළ ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කර තිබෙනවා.