Connect with us

Sports

TM ඩිල්ෂාන්, සනත් ජයසුරිය, නුවන් කුලසේකර ඇතුළු ශ්‍රී ලංකා Legends කණ්ඩායම තරඟ වදින “Legends ලෝක ශූරතාවලිය” ඇරඹෙන දින තීරණය වෙයි.!

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වීමට තිබු තරඟාවලිය විවිධ මත කල් ගිය අතර මේ වන විට පැවැත්වෙන දිනය තහවුරු කර තිබෙනවා.

මෙවර ඒ සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිත අතර නවසීලන්ත Legends කණ්ඩායම ඒ සඳහා එක්වන අලුත්ම කණ්ඩායමයි.

මෙහි පළමු අදියරේ දී ශූරතාවය දිනා ගත් ඉන්දීය ප්‍රවීණයින්ගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Sachin Thendulkar විසින් සිදු කලත් මෙවර එයට ප්‍රශ්නාර්තයක් මතු වී තිබෙනවා.

එමෙන්ම එහි අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා Legends කණ්ඩායම මෙවර තරඟාවලියේදීත් තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවනු ලබනවා. මෙවර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අසේල ගුණරත්න, ඩිල්ෂාන් මුණවීර, දිල්රුවන් පෙරේරා ඇතුළු නවක මුහුණු රැසක් එක් වෙනු ඇතැයි වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා Legends කන්ඩායමේ උපනායකයා සහ උපදේශකවරයා ලෙස සනත් ජයසූරිය කටයුතු කරයි. එමෙන්ම උපුල් තරංග, නුවන් කුලසේකර සහ ධම්මික ප්‍රසාද් වැනි ක්‍රීඩකයින්ද මෙවර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති බවට වාර්තා වෙනවා. මෙවරද ශ්‍රි ලංකා කණ්ඩායමේ- කළමනාකරු ලෙස Shyam Impett මහතා කටයුතු කරනු ඇත.

Road Safety Legends ලෝක ශූරතාවලිය සඳහා එක්වන කණ්ඩායම් මෙසේයි,

Sri Lanka Legends
India Legends
South Africa Legends
Australia Legends
England Legends
Bangladesh Legends
New Zealand Legends
West Indies Legends