Connect with us

Local News

යුවාන් වැන්ග් – 5 හම්බන්තොටට.

Published

on

පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා. උදෑසන 08ට පමණ අදාළ නෞකාව වරාය පරිශ්‍රයට ළඟා වූ අතර, ටග් යාත්‍රා යොදා ගනිමින් එය ජැටිය වෙත රැගෙන ඒමටයි කටයුතු කළේ. යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව පිළිගැනීම සදහා කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. ඊට මෙරට චීන තානාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටි අතර, මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සරත් වීරසේකර,
විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එක්ව සිටීම විශේෂත්වයක්. මෙම නෞකාව පසුගිය 10 වන දා දිවයිනට ළඟා වීමට නියමිත ව තිබුණ ද එම ගමන කල් දමන ලෙස ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අප්‍රසාදය මෙරට රජය වෙත පළ කිරීමත් සමග යි. කෙසේ වෙතත් මෙරට විදේශ අමාත්‍යාංශය පෙරේදා අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දුන්නා. මෙම නෞකාව ලබන 19 වන දා පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත යි.මෙම චීන නෞකාව හම්බන්තොට ව‍රායට පැමිණීම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් විමසා සිටියා. මේ අතර, ඊයේ දිනට යෙදී තිබූ ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් මෙරට තැපැල් දෙපාර්තමේන්තුව සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.