Connect with us

Local News

මංකිපොක්ස් හඳුනා ගැනීමේ නිර්ණායක නිකුත් වෙයි.

Published

on

මන්කිපොක්ස් වසංගතයට මුහුණ දීමට සූදානම් වීම වෙනුවෙන් මෙරට සෞඛ්‍ය අංශ විසින් සැක සහිත රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මංකිපොක්ස් රෝගියෙක් ද යන්න හෝ රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ද යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙන්ම ඒ ඒ අවස්ථාවලදී කළ යුත්තේ කුමක් දැයි යන අවබෝධය ජනතාව වෙත සමීප කරවීම මෙහි මූලික අරමුණයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබෙනවා.