Connect with us

Business

ඩොලර්වලින් ආයෝජනය කරන්න මහ බැංකුවෙන් සංවර්ධන බැඳුම්කර නිකුතුවක්.

Published

on

භාණ්ඩ හා සේවා අපනයනයෙන් ආදායම් උපයන්නන් සහ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් හිමියන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධන බැඳුම්කර නිකුතුවක් ආරම්භ කර තිබේ. මෙම නිකුතුව 2022 අගෝස්තු 01 දින සිට නැවත දැනුම්දෙනතුරු විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි. මේ සඳහා අවම ආයෝජනය එක්සත් ජනපද ඩොලර් 1,000 කි. තෝරාගත් බලපත්‍රලාභී වානිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් හරහා මෙම බැඳුම්කර මිල දී ගැනීම සිදුකළ හැකි අතර ඒ සඳහා පොලී ගෙවීම අර්ධ වාර්ෂිකව සිදුකරනු ලැබේ.