Connect with us

Sports

පොදුරද මඩුලු ක්‍රීඩා උලෙළේ සමාප්තිය අද.

Published

on

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ අවසන් දිනය අද(08) යි. ක්‍රීඩා උලෙළේ තවදුරටත් ඔස්ට්‍රෙලියාව පෙරමුණේ පසුවන්නේ රන් 66, රිදී 55 ක් සහ ලෝකඩ 53 ක් සමඟ සමස්ත පදක්කම් 174 ක් හිමි කරගනිමින්.
රන් 55ක්, රිදී 59 ක් සහ ලෝකඩ 52 ක් සමඟින් සමස්ත පදක්කම් 166 ක් ලබාගෙන එංගලන්තය දෙවන ස්ථානයේත්, රන් 26 ක්, රිදී 33 ක් සහ ලෝකඩ 34 ක් සමඟ සමස්ත පදක්කම් 91 ක් ලබාගනිමින් කැනඩාව තුන්වන ස්ථානයේත් පසුවනවා. ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 31 වන ස්ථානයේ පසුවන්නේ රිදී එකක් සහ ලෝකඩ 3 ක් හිමිකරගනිමින්. මේ අතර මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ 2026 වසරේ දී ඔස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දී පැවැත්වෙනු ඇති.