Connect with us

Sports

ICC ජූලි මාසයේ ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට

Published

on

ICC ජූලි මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තෝරාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (08) නිකුත් කරනු ලැබුවා. ජූලි මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා ක්‍රීඩකයින් තිදෙනෙකුගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, ඒ අතර,එංගලන්ත සුපිරි ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝර් සහ ප්‍රංශ නවක ක්‍රිකට් ක්‍රීඩක ගුස්ටාෆ්මැකියොන් ඇතුළත්ව සිටියා. තිස් හැවිරිදි ප්‍රභාත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ජූලි මාසයේ ක්‍රීඩකයා ලෙස තෝරා ගැනීමට හේතු පාදක වූයේ ඔහු පාකිස්තාන කණ්ඩායම සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී පන්දුවෙන් දැක්වූ දස්කමුයි. ප්‍රභාත් ජයසූරිය මෙම සමස්ත තරගාවලියේ දී පාකිස්ථාන කණ්ඩායමේ කඩුලු 17ක් දවාගන්නට සමත් වුණා. මේ දක්වා ටෙස්ට් තරග 03කට පමණක් සහභාගී වී ඇති ප්‍රභාත් ජයසූරිය, එහිදී කඩුලු 29ක් දවාගැනීමට සමත්ව ඇත්තේ, මේ වසරේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් කඩුලු දවාගැනීමේ හොඳම සාමාන්‍යයක් රඳවාගෙන සිදු කළ ක්‍රීඩකයා ලෙසටයි.