Connect with us

Local News

අද සිට ඉන්ධන කෝටාව ස්වයංක්‍රීයව යාවත්කාලීන වෙයි.

Published

on

අද සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියට අදාළව නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව
ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. ඔහු ඒ බව කියා සිටින්නේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. එසේම ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියට අදාළව අගෝස්තු 1 වනදා සිට අගෝස්තු 7 වනදා සවස 4 දක්වා වූ සංඛ්‍යාලේඛන යාවත් කාලීන කර තිබෙනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ දිවයින පුරා පිහිටි පිරවුම්හල් 1254ක් මගින් පාරිභෝගිකයන් 4,172,688ක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට හැකියාව ලැබූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන්නේ.
(විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ සංඛ්‍යා දත්ත සටහන පහතින්)