Connect with us

Politics

ජනපතිට සහ අගමැතිට පොහොට්ටුවේ පූර්ණ සහාය.

Published

on

ආණ්ඩුව ඉදිරියට රැගෙන යාමට ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයට පත් වීමෙන් පසු පළමුවරට ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට පැමිණියා. එහිදී අග්‍රාමාත්‍යවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක ද නිරත වී තිබුණා.