Connect with us

Local News

75 වන නිදහස නිමිත්තෙන් දුප්පතුන්ට නිවාස 2000ක්.

Published

on

(අංජුල මහික වීරරත්න)
අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගනගරයේ පමණක් නොව අර්ධ නාගරික ප්‍රදේශවල ද මෙම නිවාස ඉදි කරන බව ජනාධිපතිවරයා කීය. ග්‍රාමීය මෙන්ම නාගරිකව වාසය කරන අඩුආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාව කාර්යක්ෂම සහ මානුෂීය මුහුණුවරකින් විසඳීම රජයේ ඉලක්කය බව කී ජනාධිපතිවරයා එම නිවාස බෙදා දීමේදී පුද්ගල ප්‍රතිරූප පසෙක තබා “සුදුස්සාටම අයිතිවන” ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනු ඇතැයිද සඳහන් කළේය. හෙට දිනට යෙදෙන 36 වන ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

(මූලාශ්‍ර ලංකාදීප)