International
හැරී පෝටර් ලේඛිකාවටත් මරණ තර්ජන.
සුප්රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති උත්සවයකදී එල්ල වූ ප්රහාරය හෙලා දකිමින් ට්ව්ටර් සටහනක් තැබූ ලෝක ප්රකට හැරී පෝටර් කෘතියේ රචක ජේ.කේ. රෝලීන්ටද මරණ තර්ජන එල්ල වී තිබෙනවා. ජේ.කේ. රෝලීන්ගේ ට්විටර් සටහනට ප්රතිචාර ලෙස පළවූ අදාළ තර්ජනාත්මක පණිවිඩයෙන් ප්රකාශ කර ඇත්තේ ‘කණගාටු නොවන්න, ඊළගට ඔබ’ යනුවෙනි.