Connect with us

Local News

වෙළඳපොළේ විෂ පොල්තෙල්

Published

on

විෂ කාරක පොල්තෙල් වෙළඳපොළේ සුලභව පැතිර ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ හේතුවෙන් නිෂ්පාදකයා ගැන සඳහන් ලේබලයක් සහිත පොල්තෙල් මිලදී ගන්නා ලෙස ජනතාවගේ ඉල්ලීමක් කරන බව සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹදී අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ආනයනික පොල්තෙල් ගුණාත්මක බවින් ඉහළ බවට මහජන සෞඛ්‍ය ප්‍රධානියකු වැරදි ප්‍රකාශයක් කර ඇති බවත්  ඔහුගේ එම ප්‍රකාශය ජනතාව නොමග යවන සුළු වැරැද්දක් බවත් ඔහු සඳහන් කලේය.

කෘතිමව පිරිපහදු කළ පාවිච්චි කළ තෙල්වල බැරලෝහ අන්තර්ගත වන බවත් මේවා පාවිච්චි කිරීමෙන් බෝ නොවන රෝග වැළඳෙන්නේ යැ්යි සොයාගෙන ඇති බවත් බුද්ධිකද සිල්වා මහතා පවසයි.

නිසි විද්‍යාත්මක පරීක්ෂාවක් කෙරී නැති තත්ත්වයක් යටතේ ආනයනික පොල්තෙල් හොඳ යයි ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔහු එහිදී පෙන්වාදෙයි.