Connect with us

International

රාහුල් ඩ්‍රාවිඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

Published

on

ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු දින දෙකකින් නැවතත් කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු වීමට නියමිත යි. ඉන්දීය ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් 2022 ආසියානු කුසලානය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යාමට පෙර සිදු කරන ලද සාමාන්‍ය පරීක්ෂණයක දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. රාහුල් ඩ්‍රාවිඩ් මේ වන විට BCCI වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ සිටින අතර, ඔහු සුවවන තුරු, ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන Paras Mhambrey කටයුතු කරනු ඇති.

Continue Reading