Local News
පළාත් පාලන නාමයෝජනා භාරගැනීමේ කාලය අවසන් වෙයි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරිම සඳහා දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට තම නාම යෝජනා භාරදීමට වෙන් කර තිබූ අද (21) දහවල් 12න් අවසන් වුණා. මේ අතර අදත් (21) දේශපාලන පක්ෂ කිහිපයක් සිය නාම යෝජනා භාරදීම සිදු කර තිබෙනවා. සමගි ජනබලවේගය, ගාල්ල, කුරුණෑගල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්රික්කවල පළාත් පාලන ආයතන කිහිපයකට නාමයෝජනා භාරදුන්නා. ජාතික ජනබලවේගයද ගාල්ල, කුරුණෑගල යන දිස්ත්රික්කවල පළාත් පාලන ආයතන කිහිපයකට නාමයෝජනා භාරදී තිබෙනවා.