Connect with us

Local News

පක්ෂීන් විශේෂ 83කට සිදුවන බලපෑම් නිසා විදුලි බලාගාරයක කටයුතු තාවකාලිකව නතර කෙරේ.

Published

on

මන්නාරම, මුල්ලිකුලම ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කිරීමට සැලසුම් කළ සුළං විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ, සංක්‍රමණික පක්ෂීන් ඇතුළු පක්ෂී විශේෂ 83කට සිදුවන විවිධ අන්දමේ බලපෑම් නිසා ඒ පිළිබදව වාර්තාවක් ලබා ගන්නා තුරුයි. ටර්බයින් 34කින් සමන්විත මෙම විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ශක්‍යතා වාර්තාවක් ද ලබාගෙන තිබුණා. එම වාර්තාව ඉතා කඩිනමින් ලබා ගත් නිසා පක්ෂීන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් නොකළ බවට එල්ල වූ චෝදනාවක් මත විදුලි බල මණ්ඩලය යළිත් ශක්‍යතා වාර්තාවක් ලබාගන්නා තුරු මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කොට තිබෙනවා. සංක්‍රමණික පක්ෂීන් විශාල පිරිසකගේ පිවිසුම් දොරටුව හා පිටව යාමේ දොරටුව මන්නාරමේ පිහිටා තිබීමත්, ස්වභාවික කුරුළු උයනක් කුංජිකුලම ප්‍රදේශයේ පිහිටා තිබීමත් නිසායි එම තත්ත්වය ගැන සලකා අලුතින් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීමට විදුලිබල මණ්ඩලය පියවර ගත්තේ.