Connect with us

International

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය අද.

Published

on

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ රජු ලෙස තේරීපත් වූ චාල්ස් ‍කුමරුන්ගේ රාජාභිෂේකය අද (06) දිනයට යෙදී තිබෙනවා. ඒ අනුව ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී චාල්ස් කුමරු, තුන්වන චාල්ස් රජු ලෙස රාජාභිෂේකය ලැබීමට නියමිතයි. මේ සඳහා රාජ්‍ය නායකයින් 100 දෙනෙකු ඇතුළු ආරාධිතයින් 2000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා. දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයෙන් පසු බ්‍රිතාන්‍යය තුළ රාජාභිෂේක මංගල්‍යයක් පැවැත්වෙන්නේ වසර 70කට පසුවයි. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය මෙරට වේලාවෙන් අද පස්වරු 02.50ට ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. රාජාභිෂේකය සඳහා තුන්වන චාල්ස් රජු හා කැමිලා බිසව බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා රැගෙන එන්නේ අළු පැහැති අශ්වයින් 6 දෙනෙකු බැඳි සාම්ප්‍රදායික කරත්තයකින් වීම විශේෂත්වයක්.