Local News

හිඟ බදු මුදල රුපියල් බිලියන 90ක්

Published

on

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ ක‌ළේ, අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන් ම ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතින ද එම්.ජේ.ගුණසිරි මහතා අවධාරණය කළා.

මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් ට්‍රිලියන 3ක ආදායමක් ඉක්මවා ඇති බව සඳහන්.

වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වී ඇති බවයි, එම්.ජේ.ගුණසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Trending

Exit mobile version