Connect with us

Local News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ පරාජයක්

Published

on

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බර්මින්හැම් හි පැවති තරගය කඩුලු පහකින් ජයගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 106 ක්.
එම ඉලක්කය එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 109 ක් ලබාගනිමින් පොදුරාජ්‍ය මණ්ඩලීය පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අනිද්දා නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.