International

ලොව වයස්ගතම බල්ලා හමුවෙයි.

Published

on

පෘතුගාලයේ සුනඛයකු ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වුණා. මෙම සුනඛයාගේ නම බොබීය. බොබී, රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයට අයත් සුනඛයකු වන අතර වයස අවුරුදු 30ක් බව ගිනස් කමිටුව පවසනවා. සාමාන්‍යයෙන් රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයේ සුනඛයකු ජීවත් වන්නේ අවුරුදු 12ක් හෝ 14ක් පමණි. පෙබරවාරි පළමු වැනිදා වනවිට බෝබීගේ වයස මෙම අවුරුදු 30ක් සහ දින 226ක් බව ද පැවැසෙයි. බොබීගේ හිමිකරු ලයනල් කොස්තාය. බොබී ජීවත් වන්නේ පෘතුගාලයේ බටහිර වෙරළ තීරයට අයත් කොන්කිරෝස් ගම්මානයේය.

Trending

Exit mobile version