Connect with us

International

ලොව වයස්ගතම පුද්ගලයා අභාවප්‍රාප්ත වෙයි.

Published

on

ලොව වයස්ගතම පුද්ගලයා වූ ප්‍රංශ ජාතික ලුසීල් රැන්ඩන් නැමැති කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වී තිබෙනවා. 1904 වර්ෂයේ පෙබරවාරි 11 වැනිදා දකුණු ප්‍රංශයේ දී උපත ලැබූ එම කන්‍යා සොහොයුරියගේ වයස අවුරුදු 118ක් වනවා. ඇය ටූලෝන්හි ඇගේ සාත්තු නිවාසයේදී නින්දේදී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලුසීල් රැන්ඩන් ප්‍රසිද්ධියට පත් වී සිටියේ ‘සිස්ටර් අන්ද්‍රේ’ යන නාමයෙනි. 2021දී කොවිඩ් වසංගතයෙන් ඇගේ වැඩිහිටි නිවාසයේ සිටි 10 දෙනෙකු මිය ගිය අතර ඇය එහිදීද දිවි ගලවාගත්තා. ලුසීල් රැන්ඩන් කන්‍යා සොහොයුරිය 1944 වර්ෂයෙදී කන්‍යාරාමයකට ඇතුළු වීමට පෙර ආණ්ඩුකාරවරියක් සහ උපදේශකවරියක් ලෙසද සේවය කර තිබෙනවා.

Continue Reading