Connect with us

Local News

මේ වසරේදී සංචාරකයින් පැමිණීමේ සීඝ්‍ර වර්ධනයක්.

Published

on

මේ වසරේ දෙසැම්බර් මස 1 වැනිදා සිට 26 වැනි දින දක්වා මෙරටට සංචාරකයින් 73,314ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ වසරේ සංචාරක ආගමනය පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2022 දෙසැම්බර් 26 දක්වා මෙරටට විදේශීය සංචාරකයින් 701,331ක් පැමිණ ඇති බවයි. මෙය 2021දී වාර්තා වූ 194,495ක සංචාරකයන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව කැපී පෙනෙන වැඩි වීමක්. දෙසැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එලෙස පැමිණි රුසියානුවන් සංඛ්‍යාව 15,681ක්. මීට අමතරව ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 13,892ක්. එමෙන්ම එක්සත් රාජධානියේ සිට සංචාරකයින් 6,000කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර ඔස්ට්‍රේලියාවෙන්ද සංචාරකයින් 4,000කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. මීට අමතරව ජර්මනියෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් සංචාරකයින් 3000 බැගින් පැමිණ ඇති අතර මාලදිවයින, ප්‍රංශය සහ කැනඩාවෙන් මෙරටට විදේශීය සංචාරකයින් 2,000 බැගින් පැමිණ ඇති බවයි මේ වාර්තාව පෙන්වා දෙන්නේ. මෙම කාලය තුළ ඊශ්‍රායලයෙන්ද ශ්‍රී ලංකාවට සංචාරකයින් 1,312ක් පැමිණ තිබෙනවා.