Local News

මුදල් ලේකම්වරයාගෙන් ආයතන දෙකක් ගැන විශේෂ දැනුම්දීමක්.

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවය. මේ අතර ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගම විසින් ද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමෙහි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50%ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී. ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34%ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවය.

Trending

Exit mobile version