Local News

”මාලිමාවත් පිස්සු කෙළියොත්, මාලිමාවත් ගෙදර යවන්න ඕනි.කිසිම පක්ෂයකට ගැති වෙන්න එපා…”

Published

on

කිසිවෙක් කිසිදු පක්ෂයකට ගැති නොවිය යුතු බව, ජනප්‍රිය සංගීත ශිල්පි සංගීත් විජේසූරිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (27) මිනුවන්ගොඩ පැවති NPP රැළියක් අමතමින්.

තමන් NPP වේදිකාවට ගොඩ වූයේ කිසිදු ආරාධනාවකින් තොරව සිය කැමැත්තෙන් ම බවත් ඔහු එහිදී සඳහන් කර සිටියා.

මෙවර මාලිමාව වටා රොක් වී සිටින පිරිසෙන් වැඩි කොටසක් පසුගිය ගෝඨාභය ආණ්ඩුව පිහිටුවීමට සහාය දුන් අය වන නමුත්, එක් පක්ෂයකට ම සීමා නොවී වෙනස්වීම පිළිබඳව තමා ඔවුනට හිස නමා ගරු කරන බවත් ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් මාලිමාව ද බලයට පත්ව පෙර සේ ම කටයුතු කළහොත්, ජනතාව ඊට එරෙහිවද නැඟී සිටිය යුතු බවයි සංගීත් විජේසූරිය සිය අදහස් දැක්වීමේදී දැඩිව ප්‍රකාශ කර සිටියේ.

”…දැන් පාක්ෂිකයො නෑ. මෙතන ඉන්නෙ මාලිමා පාක්ෂිකයොද… නෑ…

ගෝඨාභයට එහෙම ඡන්දෙ දුන්නු කට්ටිය මේ ඉන්නෙ.

ඒ කාලේ ජේ.වී.පි එකට හිටියෙ 3% යිනෙ. නමුත් මෙතන ගොඩක් ඉන්නෙ ඒ ඡන්දෙ දුන්නු කට්ටිය.

ඉතින් ඒකෙම ඇලිලා ඉන්නෙ නැතුව වෙනස් වෙලා තියෙන එකට මම ඕගොල්ලන්ට වැඳලා නමස්කාර කරනවා.

එක පක්ෂයක ඇලිලා හිටියොත්, කාට හරි ගැතිකම් කරොත්, වැරදි දේවල් කරද්දි හරි කියාගෙන හිටියොත් අපේ රට හදාගන්න බෑ.

ඒ වගේම මාලිමාවත් පිස්සු කෙළියොත්, මාලිමාව අරකට කලින් අපි ගෙදර යවන්න ඕනි.

නැත්නම් අපේ ජාතිය වැඩක් නෑ. කිසිම පක්ෂයකට ගැති වෙන්න එපා..”

Trending

Exit mobile version