Connect with us

Local News

පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම සන්ධානගත වෙයි.

Published

on

43 සේනාංකය හා සම්බන්ධ වී සිටින නියෝජිතයන් එලඹෙන පළාත් පාලන ඡන්දය සඳහා තනි තනිවත් පුද්ගල එකතූන් ලෙසත් මිතුරු පක්ෂ සමඟ ඇති කරගන්නා එකඟතාවන් මතත් ඉදිරිපත් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. විශේෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමට නියමිත බවත් පාඨලී චම්පික රණවක අවධාරණය කරනවා. එසේම ඇතැම් ආයතන සඳහා ස්වාධීන කණ්ඩායම් ලෙස ද ඉදිරිපත් වීමට නියමිත බව 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක අවධාරණය කළා. ඒ අනුව තෝරාගත් පළාත් පාලන ආයතන කීපයකට 43 සේනාංක නියෝජිතයන්, කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදීමට නියමිත බව සඳහන්. ඒ සඳහා වන එකගතා ගිවිසුමකට අද (16) එළඹීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු නව දේශපාලන බලවේගයක් ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරන බවත් පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව රටේ ජනතාවගේ පිළිකුල, නායකත්වය, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසට ජනතාවගේ විරෝධය පළ කිරීමේ අවස්ථාවක් ලෙස ද මෙම මැතිවරණය සැලකිය හැකි බව චම්පික රණවක පැවසුවා.