Connect with us

Local News

පළාත් පාලන නාමයෝජනා භාරගැනීමේ කාලය අවසන් වෙයි.

Published

on

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරිම සඳහා දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට තම නාම යෝජනා භාරදීමට වෙන් කර තිබූ අද (21) දහවල් 12න් අවසන් වුණා. මේ අතර අදත් (21) දේශපාලන පක්ෂ කිහිපයක් සිය නාම යෝජනා භාරදීම සිදු කර තිබෙනවා. සමගි ජනබලවේගය, ගාල්ල, කුරුණෑගල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන කිහිපයකට නාමයෝජනා භාරදුන්නා. ජාතික ජනබලවේගයද ගාල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන කිහිපයකට නාමයෝජනා භාරදී තිබෙනවා.