Connect with us

Sports

දුෂ්මන්ත චමීරට T20 ලෝක කුසලානය අහිමි වෙයි – කසුන් රාජිත සංචිතයට.

Published

on

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා කියා සිටියේ ඔහුගේ වළලුකර ආශ්‍රිතව ඇති වූ ආබාධය ඊට හේතුව බවයි. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදී දුෂ්මන්ත චමීර ආබාධයට ලක්වුණා. මීට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක 15 වනදා පැවති පුහුණුවීම්වලදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට ආදේශ කර තිබෙනවා. දුෂ්මන්ත චමීර වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කණ්ඩායටම එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.