Connect with us

International

තුර්කි-සිරියා භූ කම්පනයෙන් මියගිය ගණන 11,000 දක්වා ඉහළට.

Published

on

තුර්කියේ හා සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් සිදු වූ මරණ ගණන 11,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා. ඒ අනුව, තුර්කියේ මරණ 8,574ක් සහ සිරියාවේ මරණ 2,662ක් ලෙස සමස්ථ මරණ ගණන 11,236ක් විසින් මේ වන විට තහවුරු කර ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන ලබාගැනීම දුෂ්කර වී ඇති බව ද වාර්තා වනවා. එමෙන්ම කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා වන සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. පසුගිය සඳුදා (06) ඇතිවූ මෙම භූ කම්පනය සැලකෙන්නේ වසර 20කට පසුව ලොව සිදුවූ දරුණුතම භූ කම්පනය ලෙසයි.