Local News

තවත් ප්‍රබලයින් දෙපළක් රනිල් ගාවට

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම්.ෆවුසි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබේ.

මේ අතර, රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ඊයේ (15) තීරණය කර තිබුණි.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කරනු ලැබුවා.

Trending

Exit mobile version