Local News

ජල ගාස්තුව ලබන මස සිට ඉහළ යන ලකුණු.

Published

on

ලබන මස 01 වනදා සිට ජල ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතියද ඊට හිමි වී ඇති අතර, ඒ අනුව මෙම සතියේ දී ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය
නිකුත් කිරිමට හැකි වනු ඇති බවයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
එහි දී දැනට අය කරන ගෘහස්ත ගාස්තුව සියයට 60 සිට 70 දක්වා අගයකින් ඉහළ නැංවීමට තිරණය තිබෙනවා.
එසේම වාණිජ ආයතනවලින් අය කෙරෙන ගාස්තුවද ඉහළ නැංවෙන අතර, දැනට අය කෙරෙන සේවා ගාස්තුවද රුපියල් 50 සිට 300 දක්වා ඉහළ නැංවීමට යි යෝජනා කර ඇත්තේ. අවසන් වරට ජල ගාස්තු ඉහළ නංවනු ලැබුවේ 2012 වසරේදි යි. ඒ අනුව, ගත වු වසර 10 තුළ ජල ඒකකයක් නිෂ්පාදනය කිරිම සඳහා වැය කරන පිරිවැය, ඉහළ ගොස් තිබීම සලකා මෙම ගාස්තු සංශෝධනය සිදු කරන බව ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියා සඳහන් කළා.

Trending

Exit mobile version