Breaking News

කතරගම පුද පඬුරුවලින් අපේක්ෂා රෝහලට ගොඩනැගිල්ලක්

Published

on

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරුණු ළමා වාට්ටු සංකීර්ණය හෙට (03) විවෘත කිරීමට නියමිතයි.

රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වැය කර ඉදි කර තිබෙන මෙම වාට්ටු සංකීර්ණය මහල් 4කින් යුක්තයි.

මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම්, රෝගී දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට නිදාගැනීම සඳහා විශේෂ ඇඳන් ද ස්ථාපිත කර තිබෙනවා.

එසේම රෝගී දරුවන්ට අවශ්‍ය ආහාර, අවශ්‍ය පරිදි ඔවුන්ගේ මව්වරුන්ට පිළියෙළ කර දියහැකි විශේෂ මුළුතැන්ගෙයක් ද මෙහි ඉදිකර ඇති අතර නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණකගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද එහි ඉදිකර ඇති බව සඳහන්.

එමෙන්ම දරුවන් සිව් දෙනකුට එකවර ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකර්ම සිදුකළ හැකි පරිදි ඊට අවශ්‍ය ශල්‍යාගාර හතරක් ද මෙහි පිහිටුවා තිබෙනවා.

මෙම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් පිරිසකගේම අතින් මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට නියමිතයි.

මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඉදිකිරීම් නිම කිරීමට හැකිවීම ද විශේෂත්වයක්.

රුහුණු කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ බැතිමතුන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයට පුද කළ මුදලින් සිදුකළ හැකිවූ ලොකුම පින්කම මෙය බවයි.

Trending

Exit mobile version