Local News

ඔලිම්පික් සිහිනයට තරග කළ තරුෂි කරුණාරත්න 08 වැනි ස්ථානයට: දෙවැනි වටයේ දක්ෂතා උරගා බලන්න ඇය අද යළි තරග බිමට

Published

on

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ (02) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න එම තරගයේ 8 වන ස්ථානය හිමිකරගැනීමට සමත් වුණා.

එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76ක්.

ඒ අනුව සමස්ථ ක්‍රීඩි­කා­වන් 50කින් තරුෂිට හිමිවූයේ 45 වැනි ස්ථාන­යයි.

පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථ­යේ පැවති එම තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලා­වෙන් ඊයේ රාත්‍රි 11.50ටයි.

කෙසේ වෙතත් තරුෂි කරුණාරත්න අද (03) දිනයේ ද නැවත වතාවක් කාන්තා මීටර 800 තවත් ඉසව්වක් සඳහා තරග කිරීමට නියමිතයි.

ඇය මීටර් 800 මුලික වටයේ තර­ග­යෙන් අව­සන් පූර්ව වට­යට ඍජුව සුදු­සු­කම් ලබා නොගත් බැවින් යළි අද (03) පෙර­වරු 11.20ට යළි ‘රිපී­චේජ් වටයේ’ තර­ග­යට මෙලෙස සහභාගි වනු ඇති.

එය පළමු වටයේ දී අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් නොලැබූ තරගකරුවන්ට හිමිවන තවත් අවස්ථාවක් ලෙස සළකනු ලබනවා.

19 හැවි­රිදි තරු­ෂි කරුණාරත්නගේ මෙතෙක් හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව මිනිත්තු 2:00.66ක්.

කෙසේ වෙතත් එය ඉක්මවා යෑමට ද ඊයේ දිනයේ ඇයට හැකි­යා­ව හිමිවූයේ නැහැ.

Trending

Exit mobile version