International

ඊශ්‍රායලයේ දස දහස් ගණනක් පෙළපාලි යයි

Published

on

දස දහස් ගණන් ජනතාව ඊශ්‍රායලය පුරා පෙළගැසී , විරෝධතාවයක නිරතව තිබෙනවා.

ඒ හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු ඊශ්‍රායල සොල්දාදුවන් විසින් පසුගියදා සොයා ගැනීමෙන් පසුවයි.

ඊශ්‍රායල ධජවලින් සැරසී වීථි බැසගත් විරෝධතාකරුවන් ටෙල් අවිව්, ජෙරුසලම සහ අනෙකුත් නගරවල විරෝධතාවයේ නිරත වූයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජය ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට අපොහොසත් වීම නිසයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී හමාස් සංවිධානය විසින් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගනුදෙනුවකට එළැඹීමට නෙතන්යාහු රජයට නොහැකිවීම ගැන ඔවුන් චෝදනා කරනවා.

විරෝධතාවලට ජෙරුසිලමට පමණක් ලක්ශ පහකට ආසන්න පිරිසක් එක්ව ඇති අතර, ටෙල් අවිව්හි ප්‍රධාන මහා මාර්ග අවහිර කරමින් පොලිස් මාර්ග බිඳ දමමින් ජනතාව විරෝධය පළ කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලයේ ප්‍රධාන කම්කරු සංගමයක් වන Histadrut, පවසා ඇත්තේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ගිවිසුමක් ඇතිකර ගන්නා මෙන් රජයට බල කරමින් සඳුදා රටපුරා මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

Trending

Exit mobile version