Breaking News

ඉන්දියාවෙන් තවත් සමූහ දූෂණයක්

Published

on

ඉන්දියාවේ ඩේරාඩුන් හි අන්තර් රාජ්‍ය බස් පර්යන්තයේදී රජයේ බස් රථයක් තුළ නව යොවුන් වියේ දැරියක්ව සමූහ දූෂණයට ලක් කළ පුවතක් වාර්තා වනවා.

ඊට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකුව උත්තරකාන්ද් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය අගෝස්තු 12 වැනිදා වන අතර, ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇත්තේ පසුගිය සෙනසුරාදායි.

පසුව පොලීසිය ක්‍රියාත්මක වී සීසීටීවී කැමරා පරීක්‍ෂා කර බස් රථය හඳුනාගෙන සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විත්තිකරුවන් 32,57,52,38 සහ 34 යන වයස්වල පසුවන්නන්.

17 හැවිරිදි මෙම දැරිය තමන් බෙන්ගලූරුවේ වාසය කරන අනාත දැරියක් බව මුළදී පවසා ඇති නමුත්, පසුව ඇය උත්තර් පර්දේශ්හි වාසය කරන බවත් ඇයගේ දෙමව්පියන් ජීවත්ව සිටින බවත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී තිබෙනවා.

ඇය දිල්ලියේ සිට ඩේරාඩුන් වෙත පැමිණ ඇති අතර, එහිදී බස් පර්යන්තයේ රැඳී සිටියදී ඇය එහි පැමිණි බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මුළින් ඇයව දූෂණය කර ඇති අතර, පසුව වෙනත් බස් රථයක රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඇයව දූෂණය කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව එහි සේවය කළ මුදල් අයකැමිවරයෙක් ද මෙම දැරියව දූෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවන් මෙලෙස සමූහ දූෂණයට නිරන්තරයෙන් ලක් කෙරෙන ඉන්දියාවේ, වෛද්‍යවරියක් දූෂණයට ලක්ව එහි උණුසුම මැකී යනටත් මත්තෙන් මෙවැනි තවත් සිද්ධියක් වාර්තා වීම විශේෂත්වයක්

Trending

Exit mobile version