Connect with us

International

අයි.එම්.එෆ් සාකච්ඡා සඳහා නියෝජිත පිරිසක් ඇමරිකාවට.

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජිත ණය පහසුකම් පිළිබඳ එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතයි. ඔවුන් ලබන මස 06 වනදා ඇමරිකාවේ වොෂිංටන් නුවර බලා පිටත්ව යන අතර, ඉදිරි සාකච්ඡා එහි දී සිදු කෙරෙනවා. මහ බැංකු අධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිත පිරිස මෙම සාකච්ඡා සඳහා එක්වනු ඇති. විදේශ සංචිත අඩු වීම ඇතුළු ආර්ථික අභියෝග රැසකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක දීර්ඝ ණය පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට මේ වනවිටත් පැමිණ අවසන්. වසර 04ක කාලයක් තුළ වාරික අටකින් මෙම මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වසරේ අප්‍රේල් 12 වනදා සිට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීමට අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ගිවිසුම් සහ ප්‍රගතිය ද මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය හෙට ඉදිරිපත් කිරීමට යි මුදල් අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.