Connect with us

Tech

හුවාවේ සමාගමේ අලුත්ම OS එක

Published

on

චීනයේ සුප්‍රසිද්ධ හුවාවේ සමාගම විසින් සිය නවතම මෙහෙයුම් පද්ධතිය එළිදක්වා තිබේ.
හාමනි ඕ එස් නෙක්ස්ට් (HarmonyOS NEXT) ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය, ඔක්තෝබර් 22 වැනිදා චීනයේ ෂෙන්ජන් (Shen-jen) නගරයේදී එළිදැක්වුණි.
මීට පෙර එළිදැක්වූ HarmonyOS අනුවාදයන් වල යම් මට්ටමකට ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝස් (Android Open source) කේත යොදාගන තිබුණත්, හාමනි ඕ එස් නෙක්ස්ට් අනුවාදය ගොඩනගා ඇත්තේ මුළුමනින්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට ස්වාධීනවයි.
හමනි ඕ එස් නෙක්ස්ට් මෙහෙයුම් පද්ධතිය  මේ වන විට තාක්ෂණික උපාංග බිලියනකට වැඩි සංඛ්‍යාවක් තුළ ස්ථාපනය කර ඇති බව හුවාවේ සමාගමේ විධායක අධ්‍යක්ෂක – යූ ච(ර්)ංඩොං (Yu Cheng-dong) මහතා පවසයි.

Continue Reading