Gallery
යශෝධා විමලධර්මගෙන් වෙනස්ම වැඩක්
‘පුංචි තිරයේ අහිංසකාවිය’ කාලයක් තිස්සේ එහෙම හඳුන්වන ඈ, ප්රවීණ රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම.
නිතර නිතර නිර්මාණ ඔස්සේ ඇස නොගැටුණාට මොකද, ඇයව කාටවත් ලේසියෙන් අමතක වෙන චරිතයක් එහෙම නෙවෙයි.
පහුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා.
ඊට ලැබී තිබුණු ආදරණීය සුබපැතුම් වගේම, උපන්දිනය වෙනුවෙන් ඈ පෙනී සිටි අපූරු සේයා රූ එකතුවකුත් දක්නට ලැබුණා.
අපි හැමදාම ඇයව දකින විදියට වඩා, මේ ඡායාරූප එකතුව හරි වෙනස් ස්වරූපයක් අරන් කිව්වොත් හරි.