International
අභිෂේක්ගේ මීළඟ බිරිඳ කරිෂ්මා ද?
අභිෂේක් බච්චන් – ඓශ්වර්යා රායි බච්චන් කියන්නෙ මේ දවස්වල නිතර කතාබහට ලක්වන තරු යුවළක්.
කතාබහට හේතුව, ඔබ දැනටමත් දන්නා පරිදි අභිෂේක් – ඓශ්වර්යා දෙන්නගෙ වෙන්වීම !
විවිධ අවස්ථාවල මේ තරු යුවළගේ හැසිරීම් ගැන කල්පනාවෙන් උන්නු, රසික සමූහයා ආව නිගමනයක් තමයි ඒක.
එහෙම නැතුව මේ වන තුරුත් අභිෂේක් හෝ ඓශ් ඔවුන්ගේ වෙන්වීමක් ගැන නිල ප්‍රකාශයක් කරලා නෑ !
ප්‍රසිද්ධ අවස්ථා කිහිපයකටම ඓශ්වර්යා දියණිය එක්ක පමණක් සහභාගී වීමත්, අභිෂේක් සිය පවුලේ අනෙක් පිරිස් එක්ක වෙනම සහභාගී වීමත් තමයි මේ කටකතාවලට හේතු කාරණා වුණේ.
ඒවා කොහොම වුණත්, ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව නම් අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි දෙන්නා නව ව්‍යාපෘතියක් වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරන බවත් කියවෙනවා.
ඒ කටයුත්ත ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක මනිරත්නම්ගේ නව නිර්මාණයක් බවයි ආරංචිය.
නමුත් තවම ඒ ගැන ලොකු විස්තරයක් නම් එළියට ඇවිත් නෑ.
මේ කතා එක්කම පැතිර යන තවත් කතාවක් තමයි, අභිෂේක් ආයෙම විවාහ වෙන්න යනවා කියන එක.
ඒ, නිම්රත් කෞර් එක්ක.
මේ කතාවත් තවම හුදු කටකතාවක් ම විතරක් බවයි පේන්න තියෙන්නෙ.
කොහොම නමුත් අභිෂේක් ගැන ඇහෙන ඒ කතාවට සිමි ගරේවාල් උත්තරයක් දීලා තිබුණා. ඒ, අභිෂේක්ගේ පැරණි වීඩියෝවක් බෙදාගනිමින්.
අභිෂේක් එතැනදී කියනවා,
”ඔබ යමෙකුට කැපවී ඇත්නම්, කුමන තරාතිරමක සිටියත් එම කැපවීමට අවනත වන්න…” යනුවෙන්.
ඉතින් සිමි ගරේවාල් කියන්නෙ, අභිෂේක් හරිම විනීත, හොඳ වටිනාකම් ඇති අයෙක් වන බව.
මේ කතාවට සිමි එක්ක ෆාරා ඛාන් ද එකඟව අදහස් දක්වලා තිබුණා. ඇය කියන්නෙ අභිෂේක්, නිම්රත් සමඟ පෙම් සබඳතාවක් ඇති බවට වන කටකතාවට කිසිම පදනමක් නැති බව.
හරි තහවුරු කිරීමක් නැති කතා ගොඩක් එක්ක, මේ වෙද්දි අභිෂේක් – ඓශ්වර්යා වෙන්ව ඇති බව ඔප්පු කරන්න හුවමාරු වන දෑවලින් සමාජ මාධ්‍ය පිරිලා !
එහෙම හුවමාරු වන තවත් වීඩියෝවක් තමයි ජයා බච්චන්, කරිෂ්මා කපූර් සමඟ අභිෂේක්ගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කරන වීඩියෝව.
මේ වීඩියෝවේ ජයා බච්චන්, අමිතාබ් බච්චන්, ශ්වේතා නන්දා, අභිෂේක් සහ නව්‍යා නවේලි හැමෝමත් ඉන්නවා.
එතැනදී සිය පවුලට එක්කාසු වෙන්න නියමිත බවට ජයා බච්චන් හඳුන්වා දෙන්නෙ කරිෂ්මා කපූර්ව.
වීඩියෝව ඇත්ත වන නමුත්, මේක ඊයේ පෙරේදා කතාවක් නම් නෙවෙයි.
ඓශ්වර්යා එක්ක විවාහ වෙන්න පෙර, ඒ කියන්නෙ 2002 දී අමිතාබ් බච්චන්ගේ උපන්දිනය දා තමයි මේ විදියට අභිෂේක් කරිෂ්මා කපූර් එක්ක විවාහ වෙන්න නියමිත බව නිවේදනය කළේ.
කොහොම නමුත් ඒ කතාව ඇත්තක් නම් වුණේ නෑ. දෙන්නගෙ විවාහ ගිවිස ගැනීම නතර වුණා.
ඊටත් කතා ගොඩක් තියෙනවා. කරිෂ්මාගේ රඟපෑම් නතර කරන්න ජයා බච්චන්ට තිබුණු වුවමනාව මේ විවාහයට හරස් වුණු බවයි කියවෙන්නෙ.
පසුව 2007 දී අභිෂේක් බච්චන් – ඓශ්වර්යා රායි යුවළ විවාහ වෙනවා.
මේ පරණ කතා ඔක්කෝම දැන් ආයෙමත් කරළියට ඇවිත්.
ගෙවුණු දවසක ඒ කියන්නෙ නොවැම්බර් 1 වෙනිදා ඓශ් සිය උපන්දිනය සැමරුවා. ඇයට දැන් 51 ක්.
උපන්දිනය දවසේ බච්චන් පවුලෙන් ඇයට ප්‍රසිද්ධියේ සුබපතා නොතිබීමත් මේ පැතිර යන කතාවලට තටු දෙන්න හේතු කාරණා වෙලා කිව්වොත් හරි.
විවිධ කතා කවරාකාරයෙන් පැතිර ගියත්, වසර 17කට වැඩි අභිෂේක් – ඓශ්වර්යා දෙන්නගෙ විවාහය හමාරව ඇති බවක් නම් තවම නිල වශයෙන් තහවුරු වෙලා නැති බව ආයෙමත් මතක් කළ යුතුමයි.
කටකතාවල ඇත්ත නැත්ත ගැන බොහෝම ඉක්මනින් ඔවුනොවුන්ගේ පාර්ශවයන් උත්තර බඳීවි කියන සිතුවිල්ලෙයි, රසික සමූහයා මේ මොහොත වෙද්දිත් පසුවෙන්නෙ.