Connect with us

Entertainment

අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් උතුරු කොරියාවෙන් දියත් කරයි

Published

on

උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිනිත්තු 87 ක කාලයක් පියාසරකර ඇති එය, උතුරු කොරියානු මිසයිලයක් සඳහා මෙතෙක් වාර්තා වූ දීර්ඝතම පියාසැරි කාලය පෙන්නුම් කරැති බව සඳහන්.

එය, උතුරු කොරියාව සිය නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ජලය දෙසට දියත් කළ බවයි දකුණු කොරියානු හමුදාව සඳහන් කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ මෙම නව දියත් කිරීම පිළිබඳව දකුණු කොරියාවේ සහ ජපානයේ බලධාරීන් විසින්, උතුරු කොරියාවේ උසස් ආයුධ සංවර්ධනය පිළිබඳ තතු ඉස්මතු කර ඇති බවයි.

ඒ අනුව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මිසයිල අත්හදා බැලීමේ අවස්ථාවට පැමිණ ඇති අතර මෙමඟින් ඔහුගේ සතුරන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කළ සෙයක් පෙන්නුම් කරන බවයි KCNA රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ,

මිසයිල‍යේ පියාසැරි කාලය, 2023 දෙසැම්බරයේ අවසන් වරට කළ ICBM අත්හදා බැලීමේ දියත් කිරීමට වඩා දිගු වූ අතර ගියවර අත්හදා බැලීමේ කාලය විනාඩි 73 කින් අවසන් වූ බව සඳහන්.

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට ආසන්නව උතුරු කොරියාව සිය ICBM අත්හදා බැලීමකට සූදානම් වන බවට දකුණු කොරියාව බදාදා අනතුරු අඟවා තිබිණ.

අසල්වැසි ජපානය ප්‍රකාශ කළේ මෙම දියත් කිරීම තමන් නිරීක්‍ෂණය කළ බවත්, මිසයිලය කිලෝමීටර 7,000කට වඩා ඉහළම උන්නතාංශයට ළඟා වූ බවත් ය.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම දියත් කිරීමෙන් පසු දකුණු කොරියානු සහ එක්සත් ජනපද නිලධාරීන් හමුව ඇති අතර, එහිදී ඔවුන් “ශක්තිමත් හා විවිධ ප්‍රතිචාර දැක්වීමේ පියවර ගැනීමට” ද එකඟ වූ බව සඳහන්.

එමෙන්ම එක්සත් ජනපදය මෙම දියත් කිරීම හඳුන්වා ඇත්තේ “එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ බහුවිධ යෝජනා උල්ලංඝනය කිරීමක්” ලෙසයි.

කොහොම නමුත් මෙම මිසයිල දියත් කිරීම සිදු වන්නේ, යුක්‍රේනයේ ව්ලැඩිමීර් පුටින්ට සහාය දැක්වීම සඳහා උතුරු කොරියාව රුසියාවට හමුදා එවූ බවට දකුණු කොරියාව සහ එක්සත් ජනපදය චෝදනා කිරීමෙන් පසුව වීම විශේෂය.

Continue Reading